හෘදයාබාධ

හර්දයාබාධයක ලක්ෂණ වලට පහත දේ ඇතුලත් වේ:

  • පපුවේ වේදනාව- තද පීඩනයක් දැනීම, ඔබගේ පපුවේ මැද තද ගතියක් හෝ මිරිකීමක් සේ දැනීම
  • ශරීරයේ වෙනත් කොටස් වල වේදනාව - වේදනාව ඔබගේ පපුව සිට ඔබගේ අත් දෙසට (සාමාන්‍යයෙන් වම් අතට බලපායි, නමුත් එය අත් දෙකටම බලපෑ හැක.), හකු, ගෙල, පිටුපස සහ උදරය දෙසට ගමන් කරයි
  • හිසේ සැහැල්ලු ගතිය හෝ කැරකිල්ල
  • දහඩිය දැමීම
  • හුස්ම ගැනීම අපහසු වීම
  • ඔක්කාරය හෝ වමනය ඇති වීම
  • බොහෝ කනස්සල්ලට පත්වීම
  • කැස්ස හෝ හතිය

පපුවේ වේදනාව බොහෝ විට දරුණු වුවද, සමහර අයට අජීර්ණයකදී වැනි සුළු වේදනාවක් දැනිය හැකිය. සමහර අවස්ථාවලදී, විශේෂයෙන්ම කාන්තාවන්, වැඩිහිටියන් හා දියවැඩියාව ඇති පුද්ගලයින්ට කිසිදු පපුවේ වේදනාවක් ඇති නොවිය හැක.. මේ ඔබට හෘදයාබාධයක් ඇත්දැයි තීරණය කිරීමට උපකාර වන රෝග ලක්ෂණ පිළිබඳ සමස්ථ රටාවයි.

ගිලන් රථයක් එන තුරු බලා සිටීම

යමෙකුට හර්දයාබාධයක් ඇතිවුවහොත්, ගිලන් රථයක් එනතුරු බලා සිටින විට, හදවතට අනවශ්‍ය පීඩනයක් දීම වැලක්වීමට හැකි පමණ විවේක ගැනීම ඉතා වැදගත් වේ. අස්පිරින් පහසුවෙන් ලබා ගත හැකි නම් හා හෘදයාබාධයකින් පෙළෙන පුද්ගලයා ඇස්පිරින් වලට අසාත්මික නොමැති නම්, ගිලන් රථය එනතුරු බලාගෙන සිටියදී වැඩිහිටි ප්‍රමාණයේ පෙත්තක් (300mg) සපා ගිලින්නට සලස්වන්න. ඇස්පිරින් රුධිරය සිහින් කර හෘදයේ රුධිර සැපයුම යථා තත්වයට පත් කිරීමට උපකාරී වේ.

හර්දයේ ක්‍රියාකාරිත්වය නතරවීම

සමහර අවස්ථාවලදී VA ලෙස හැඳින්වෙන සංකූලතා හර්දය ස්පන්දනය වීම නතර කිරීමට හේතු විය හැක. මෙය හදිසි හර්දය නතරවීමක් ලෙස හැඳින්වේ. හදිසියේ හර්දය නතරවීමකදී පහත ලකුණු සහ රෝග ලක්ෂණ ඇතිවිය හැක:

  • ඔවුන් හුස්ම ගන්නා බවක් නොපෙනේ
  • ඔවුන් සෙලවෙන්නේ නැත
  • ඔවුන් කතා කිරීමේදී හෝ ඇල්ලීමේදී ප්‍රතිචාර නොදක්වයි

යම් පුද්ගලයෙකුගේ හදවතේ ක්‍රියාකාරිත්වය නතරවී ඇතැයි ඔබ සිතන්නේ නම් සහ ඔබට ස්වයංක්‍රීය බාහිර ඩෙෆිබ්‍රිලේටර් සඳහා ප්‍රවේශ විය නොහැකි නම් ඔබට එම පුද්ගලයාගේ පපුව සම්පීඩනය කිරීමට පටන් ගත හැක. මෙමගීන් එම පුද්ගලයාගේ පපුවේ ක්‍රියාකාරිත්වය නැවත පටන් ගැනීමට උපකාරී විය හැකිය. පපුව සම්පීඩනය කිරීම:

  1. ඔබගේ එක අතක අල්ල එම පුද්ගලයාගේ පපුවේ මැද පපු ඇටය මත තබන්න. ඔබගේ අනිත් අත පළමු අත උඩින් තබා ඇඟිලි වලින් අත් දෙක එකට අගුලු දාගන්න.
  2. ඔබගේ අත් පමණක් නොව ඔබගේ සිරුරේ බර ද භාවිතා කර එම පුද්ගලයාගේ පපුව සෙන්ටිමීටර 5ක් 6ක් පමණ පහතට තද කරන්න.
  3. ගිලන් රථය එන තුරු මෙය නැවත, නැවත සිදු කරන්න.

මිනිත්තුවක් 100-120 ක වේගයෙන් සම්පීඩනය කිරීමට උත්සාහ කරන්න. ස්වයංක්රීය බාහිර ඩෙෆිබ්‍රිලේටර් (AED) ඔබ AED යනුවෙන් හැඳින්වෙන උපකරණයකට ප්රවේශ වීමට තිබේ නම් එය භාවිතා කරන්න. ACD යනු විශාල සමාගම් ප්‍රථමාධාර අධාරක උපකරණයක් ලෙස තබා ගන්නා ආරක්‍ෂිත, ජංගම, විද්‍යුත් උපාංගයකි. හර්ද ස්පන්දනය නතර වී ඇති අවස්ථාවක එම පුද්ගලයාගේ හර්ද ස්පන්දනය අධීක්ෂණය කරමින් අවශ්‍ය නම් විදුලි කම්පන ලබා දෙමින් නිත්‍ය හර්ද ස්පන්දනය ස්ථාපිත කිරීමට මෙය උපකාරී වේ.

ඇන්ජයිනා (Angina) හා හෘදයාබාධ

හර්දයට ඔක්සිජන් සරු රුධිරය සැපයීම සීමා වීම හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය තත්වයකි. (වෙනත් සෞඛ්‍ය තත්වයක් නිසා ඇති විය හැකි රෝග ලක්ෂණ කිහිපයක එකතුවකි.). ඇන්ජයිනා ඇති පුද්ගලයන්ට, හර්දයාබාධයක වැනි සමාන රෝග ලක්ෂණ අත්විඳිමට පුළුවන. නමුත් ඒවා සාමාන්‍යයෙන් ව්‍යායාම කරන අතරතුර ඇතිවී මිනිත්තු කිහිපයකින් පහව යයි. කෙසේ වෙතත් කලාතුරකින් ඇන්ජයිනා ඇති පුගලයින්ට හර්දයාබාධ ඇති විය හැක. හර්දයාබාධයක සහ ඇන්ජයිනා රෝග ලක්ෂණ වල වෙනස හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. මේ සඳහා හොඳම ක්‍රමය වනුයේ හර්දයාබාධයක් මෙන් නොව ඇන්ජයිනා රෝගයේ රෝග ලක්ෂණ ඖෂධ මගින් පාලනය කල හැකි බව මතක තබා ගැනීමය. ඔබට ඇන්ජයිනා තත්වය ඇත්නම්, මිනිත්තු 5ක් ඇතුලත එම රෝග ලක්ෂණ සුව අතට හැරීම සඳහා ඖෂධ නිර්දේශ කරනු ලැබේ. පලවෙනි මාත්‍රාව ක්‍රියා නොකරයි නම්, විනාඩි 5 කට පසුව දෙවෙනි මාත්‍රාව ද ලබා ගත හැකිය. පසුව තුන් වැනි මාත්‍රාව ද තවත් විනාඩි 5 කට පසු ලබා ගත හැකිය. මෙම ග්ලිසරිල් ට්‍ර්යිනයිට්‍රෙට් (GTN) ලබාගෙන විනාඩි 15 ගත වුවද ඔබගේ වේදනාව අඩු නොවුනේ නම් වහාම වෛද්‍ය ආධාර ලබා ගන්න